ඉදිරි ප්‍රහාරයක් ගැන කී SFගෙන් ප්‍රශ්න කරන්නැයි ඉල්ලීමක්

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් නිශ්චිතවම ඉදිරියේදී ඇතිවන බවට වන බරපතල ප්‍රකාශයක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුගියදා සිදුකල බවත් ඒ අනුව පාස්කු ප්‍රහාරය පිලිබඳ විශේෂ කාරක සභාවට ඔහුව ගෙන්වා ඒ පිලිබඳ ප්‍රශ්න කල යුතු බවත් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අවධාරණය කර සිටී .

පසුගිය ජුලි 10 වනදින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙදීම සරත් ෆොන්සේකා මහතා මෙම බරපතල ප්‍රකාශය සිදුකල බවත් , එවැන්නක් පැවසීමට ඔහු සතුව ඇති සාක්ෂි මොනවාදැයි වහා සොයා බැලිය යුතු බවත් විශේෂ කාරක සභා සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය සඳහන් කර ඇත.

එම සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල මහත්මියගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම සම්පූර්ණ ලිපිය පහත වේ .