පූජිත්-‌හේමසිරි ගැන නීතිපති ‌‌‌දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනවලට නීතිඥවරු හරස් ‌වෙති

Picture of අසංක

අසංක

ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කර ඇති බවත් ‌පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බවත් රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දන්වා සිටියේය.

මෙම නඩුවට අදාළ විමර්ශන‌ෙයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 3 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද අධිකරණය නියම කළේය.

අදාළ පැමිණිල්ල අද(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ‌‌මේ බව දන්වා තිබේ.

ඊට අමතරව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

මෙම නඩුවට අදාළව නීතිපති දෙපාර්ත‌‌මේන්න්තුව මඟින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදන හරහා තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදුවන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ඩිල්ෂාන් ජයසූරිය යන නීතිඥවරු අධිකරණයට දැන්වීය.

මෙවැනි මාධ්‍ය නිවේදන හරහා අධිකරණ තීන්දු ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට මහජනතාව පෙළඹෙනු ඇති බැවින් මේ පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරන මෙන් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ‌මෙහිදී කරුණු දැක්වීය.

ඒ සෑම රාජ්‍ය ආයතනයක්ම ආයතන සංග්‍රහයට අනුව කටයුතු කරන බවත් තොරතුරු දැනගැනීමේ පනතද ඉදිරිපත් වී ඇති නිසා තොරතුරු ලබාදීමට රාජ්‍ය ආයතන බැඳී සිටින බවත් ඔහු පැවැසීය.

කෙසේ වෙතත් මෙම මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන්ට දැනුමක් නොමැති බවද ඔහු සදහන් කළේය.

මේ පිළිබඳව තමා පෞද්ගලිකව නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පීරිස් මහතා අධිකරණය හමුවේ කියාසිටියේ ය.

ඒ් බව නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ‌මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයාට පැවැසීය.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ‌ෙමෙම නඩුව ‌ගොනු කර තිබේ.