රනිල් ජනපතිවරණ පොරොන්දුවට තිරුපති යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික සංචාරයක් සදහා හෙට (25) ඉන්දියාවේ සංචාරයක් ඇරඹීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර අනිද්දා (26) දිනයේදී තිරුපති කෝවිල වැදපුදාගැනීම සදහා හෙතම සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉතා මෑතක වැඩිම වාරයක් තිරුපති ගොස් වන්දනා සහ භාර හාර වී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
ජනාධිපතිවරණය ඉලක්ක කරමින් භාර හාරවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වනු ඇතියි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දීය සංචාරය නිමවා ලබන 27 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.