‘ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී ජයග්‍රහණවල පසුබෑමක්’- ජගත් විශේෂ නියෝජිත

Picture of අසංක

අසංක

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා ජනතාව එකට එක්ව කටයුතු කළ යුතු බව සාමකාමී රැස්වීම් හා සංගම් නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් පවසයි.

අද පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණවල යම් පසුබෑමක් ලංකාව තුළ දක්නට ඇති බවත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් එම නියෝජිතයා සඳහන් කළේය.

රට තුළ නිදහස හා සාමකාමී රැස්වීමේ හා සංගම් නිදහස පූර්ණ ලෙස තහවුරු වී තිබිය යුතු බවත් අදහස් ප්‍රකාශ කළ යුතු බවත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස එලෙසින්ම තහවුරු කළ යුතු බවත් ජගත් නියෝජිතයෝ මෙහිදී හෙතෙම අවධාරණය කළේය.

මේ වනවිට ලංකාව දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ තවදුරටත් ශක්තිමත් කොට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා පියවර ගත යුතු බවත් ඔහු කීය.

පසුගිය 18 වැනිද සිට ඔහු මෙරට නිල සංචාරයේ නිරතව සිටී.

ඔහුගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ජගත් සංවිධානයට බාරදීමට නියමිතය.