හකීම්ගේ ගෙදරින් ලක්ෂ 60ක් හොරු අරන් – සේවිකාවන් ගැන විමර්ශන

Picture of අසංක

අසංක

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේ තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් එහි සේවය කළ සේවිකාවන් පිළිබඳ පොලිස් විමර්ශන අරඹා තිබේ.

අමාත්‍යවරයා විසින් අලෙවි කිරීමට සූදානම් වූ මෝටර් රථය ලබාගැනීමට පැමිණි පුද්ගලයකුගෙන් ලද රු. ලක්ෂ 60ක මුදල බිරිඳ වෙත ලබාදුන් බව ඇය පොලීසියට පවසා ඇත.

නිදන කාමරයේ ඇඳ යට බෑගයක දමා දින නවයකට පසු බෑගය විවෘත කළ ද මුදල් නොතිබූ නමුත් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බිරිඳ පවසා ඇත.

නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක් මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද අමාත්‍යවරයාගේ බිරිඳ පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇත.