ජම්බුගස්මුල්ලේ ඝාතනය සිදුකර බබී රටිනුත් පැනලා

Picture of අසංක

අසංක

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා ව්‍යාපාරිකයකු ඝාතනය කොට තවත් අයකුට බරපතළ තුවාල සිදුකළ ‘ජම්බුගස්මුල්ල බබී’ නමැත්තා එම ඝාතනය සිදුකොට පැය 4ක් ගතවීමටත් පෙර රටින් පැනගොස් තිබේ.

මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ ඊයේ අලුයම 1ට පමණ වන අතර සැකකරු අලුයම 4.31ට ඩුබායි බලා ගමන් ගත් EK 657 ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.

දිනේෂ් සමන්ත ද සිල්වා නොහොත් ජම්බුගස්මුල්ල බබී නමැත්තා තවත් අයකු සමග එක්ව ඝාතනය කර තිබේ.

ඝාතනය කළ පසුව ඔහු තවත් වාහනයකින් ගොස් ඇති අතර එය සොයා පොලිස් විමර්ශන සිදුකෙරේ.