අද (29) රාත්‍රි 07:30 ට පමණ මත්තේගොඩ පොලිස් වසමේ කිරිගම්පුර ප්‍රදේශයේ වෑන් රථයක් කොල්ලකා පලායන බවට එම වෑන් රථයේ හිමිකරු තම වෑන් රථයේ සවිකර තිබූ GPS මගින් වෑන් රථය ගමන් ගන්නා මාර්ගය මත්තේගොඩ පොලිස් ස්ථානයට දැනුම් දෙයි ඒ අනුව මත්තේගොඩ පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධයෙන් අගුරුවාතොට පොලිසියට දැනුවත් කිරිමෙන් පසු අගුරුවාතොට පොලිසියේ නිළධාරින් 04 කු යතුරු පැදි දෙකකින් මෙම වෑන් රථය පසුපස හඹා යන අවස්ථාවේදී වාද්දුව පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිළධාරින් හා හමුදා නිළධාරින් එක්ව එම වෑන් රථය නැවැත්වීමට අණ කිරිමේදී අණ නොතකමින් යුධ හමුදා සෙබළුන් දෙදෙනාද යට කරමින් පානදුර දෙසට පලා යන විට ඒ පසු පසින් පැමිණි වලාන දූෂණ මර්දන ඒකකයේ නිළධාරින් පිංවත්ත හන්දියේ ඔවුන් පැමිණි වෑන් රථය අදාල වෑන් රථයයට හරස් කර අදාල වෑන් රථය නතර කිරිමට අණ කිරිමේදී වෑන් රථය දමා අදාල සැකරුවන් පලා යාමේදී එතනට අගුරුවාතොට පොලිස් නිළධාරින් 04 කු සහ වාද්දුව මුර පොලේ හමුදා සෙබළුන් දෙදෙනෙක් ද පැමිණ තිබේ. මේ අවස්ථාවේ පලා යන සැකරුවන්ට හමුශා සෙබළුන් විසින් වෙඩි තබා තිබේ. එහිදි එක් සැකකරුවකු වෙඩි වැදි තුවාල ලබා තිබේ. අනික් සැකරු පලා ගොස් තිබේ. පලාගිය සැකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. පානදුර පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි