ස්විස් තානාපති කාර්‍යාලය අසල සිටි ගුවන් හමුදා භටයා සිය දිවි නසාගැනීමට හේතුව පෙම් හබයක්

Picture of අසංක

අසංක

කොල්ලුපිටියේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාලය අසල රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සෙබළකු වෙඩිතබාගෙන මියගොස් තිබේ.

ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව පෙම් සබඳතාවක් නිසා ඇතිවූ සිත් තැවුලක් බවට සැක කෙරේ.

අද පස්වරු 1.15ට පමණ ඔහු සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන තිබූ අතර ‍රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි ගම්පොළ පදිංචිකරුවෙකි.