කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ CIDය ගැන කළ පැමිණිල්ල නිසා පොලීසිය අර්බුදයක

Picture of අසංක

අසංක

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් තම රාජකාරියට බාධා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව කුරුණෑගල පොලීසියට කළ පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත යවා තිබේ.

ඒ මෙම පැමිණිල්ලට කුමක් කළ යුතු ද යන්න විමසා බැලීමට ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙම පැමිණිල්ලේ සටහන් වේ.

එහෙත් එම සභාව හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකිරීම පිළිබඳ මතුවූ ගැටලුසහගත බව නිසා මෙම පැමිණිල්ල වැඩබලන පොලිස්පතිවරයා වෙත යවා ඇත.

ඉදිරියේ දී එම පැමිණිල්ල උපදෙස් සඳහා නීතිපතිවරයා වෙත යැවීමට නියමිතය.