හරි පාරෙන් ඩොලර් එව්වොත්, මහ බැංකුවෙන් ‘තෑගි’

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි මේ බැංකුව සඳහන් කර ඇත. මේ අතර විධිමත් නිල මුදල්…

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු පත්වෙයි !

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ ජාතික සභාපති ධූරයට ප්‍රකට ජාත්‍යන්තර ව්‍යාපාරික හා නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ද මහලේකම් ධුරයට හේමකුමාර ගුණසේකර මහතා ද පත්විය. පසුගිය (24) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති එම සංගමයේ වාර්ෂික මහ සභාවේ දි මෙම නව නිලධාරිහු තේරී පත් වූහ. පළමු ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ සිටි ජාත්‍යන්තර තලයේ ව්‍යාපාරිකයන් එක්ව තම ජාත්‍යන්තර…

විදෙස් සංචාරකයින් ලක්‍ෂයක් පැමිණේ !

මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සංචාරක අමාත්‍යංශය පවසයි. ඒ අනුව, පසුගිය (28) දිනය වන විට සංචාරකයින් 101,872 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්තානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, අමෙරිකාව, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් ද සංචාරකයින් වැඩිවශයෙන්…

ඔක්තෝම්බරයේ ආහාර සහ වෙනත් බඩු මිලත් ඉහළටම ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ගෙවුණු සැප්තැම්බර් මාසයේ පැවති සියයට 6.2හි සිට පසුගිය ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3 දක්වා ඉහළ ගියේය. මේ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය…

ලෝකයේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ ආයතනයක් මෙරටට පැමිණේ !

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. . ඒ තුළින් ශ්‍රී ලාංකිකයින් 2,000කට ක්ෂණිකව රැකියා අවස්ථා උදාවන බවද ඒ…

vehicles

තවත් කාලයක් යනතෙක් ජනතාවට නැති වාහන මන්ත්‍රීලාට ලැබෙයිද?

තවත් මාස 6-7ක් යනතුරු මෙරටට වාහන ආනයනය සඳහා වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි. අයවැයෙන් වාහන ආනයනය පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි. කොරෝනා ව්‍යාප්තියේ බලපෑම මත වාහන…

කොවිඩ්වලින් වැටුණු අයට දුන් ණය සහන බිලියන 4000 පනී

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා (රුපියල් බි. 4,083.8 ක්) ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. ඒ මිලියන 2.9 කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් අනුමත කරමිනි. සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරන බව ද මහබැංකුව කියා සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරන මූල්‍ය ආයතන…

‘නව මාධ්‍ය ‘ හරහා ශ්‍රී ලංකාවට මිලියන 23ක ප්‍රචාරණයක් !

ජාත්‍යන්තරව ඉමහත් ජනප්‍රියතාවයක් හිමිකරගත් සංචාරක යු ටියුබ් චැනල් ක්‍රියාකාරීන් , සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ජනමාධ්‍යවේදීන්ට මෙරටට ආරාධනය කර  පහසුකම් සැපයීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචරණය විසින් පසුගියදා දියත් කල අතර ඒ හරහා රුපියල් මිලියන 23කට අධික වටිනාකමකින් යුත් ප්‍රචාරණයක් මෙරටට හිමිවනු ඇති බවට ගණන් බලා ඇත . ශ්‍රී ලංකා සංචාරණයේ මහජන සම්බන්ධතා අංශය විසින් මෙම…

කොටස් වෙළඳපොළ වාර්තා තබයි!

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (05) නව වාර්තාවක් තැබීය. ඒ අද දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,600 ඉක්මවා වාර්තා කරමින්ය. ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,632.21 ලෙසය. දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 5.6ක් ලෙසය.

ඉන්දියාවේ 100 වෙනි ‘දම්රෝ’ ප්‍රදර්ශනාගාරය විවෘත කරයි!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ හා ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි සමාගමක් වන දම්රෝ, මේ වන විට ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි ඉන්දියාවේ වෙළෙඳපොළ තුළ ද ක්‍රමයෙන් සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින් සිටී. මෙහි තවත් මංසළකුණක් සනිටුහන් කරමින් දම්රෝ සියවෙනි ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ කොල්කටා හිදී විවෘත කරනු ලැබීය. මෙය කොල්කටා නුවර දී විවෘත කරන ලද හත්වෙනි දම්රෝ ප්‍රදර්ශනාගාරය වේ.…

මෙරට කාන්තාවන් ඉංග්‍රීසි භාෂා දැනුමෙන් සවිබල ගන්වන ‘Lankan Lady Boss’

විවිධ වෘත්තීයයන්හි නිරත  කාන්තාවන් වෙනුවෙන්ම සැකසූ මෙරට ප්‍රථම මාර්ගගත (ONLINE ) ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය . ‘Lankan Lady Boss’ නමින් නම් කර තිබු එම වැඩසටහන පුරා සති 12 ක් ක්‍රියාත්මකවූ අතර එය මෙහෙයවන ලද්දේ ඉංග්‍රීසි භාෂාවේදිනියක වන ශවිනි සෝමවර්ධන  විසිනි . එසේම මෙම වැඩසටහනට පූර්ණ අනුග්‍රහය ලබාදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු…