ත්‍රිපෝෂ ගැන ගර්භනී මවුන්ට දැනුම් දීමක්

ගර්භණී මව්වරුන්ට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මගින් ලබාදී ඇති ත්‍රිපෝෂ පිළිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව එහි සභාපති දීප්ති කුලරත්න පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදුකරන බවයි. මාස දෙකකට පමණ පෙර තම සමාගමේ නිෂ්පාදිත ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සංඝටකය වැඩි ප්‍රතිශතයක් පැවති බවත්…

IMF එකඟතා ගැන මැතිඇමතිලාට කියන දවස ජනපති දැනුම් දෙයි

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බවත් කථානායකවරයා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. IMF එකඟතා පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේ මතු කළ කරුණ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව…

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහය දෙන බවට , රටවල් 23ක් සහතිකවේ !

ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට සහාය වන බව විදෙස් තානාපතිවරුන් විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහතිකයක් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් එහිදී පවසා ඇති බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය. ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

ආහාර අග හිඟතා ඇති පවුල්වලට විශේෂ සහනයක් !

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ යම් දරුවෙකු, පුද්ගලයෙකු හෝ පවුලක් එවැනි තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් මේ වන විටත් විශේෂ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය ද ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. 011 43 54 647 හෝ 011 43…

ණය ප්‍රතිව්‍යුහගතය සඳහා සාකච්ජා ඇරඹේ !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ පැවැත්වුණි. අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරු 16 දෙනෙකු සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ 06 දෙනෙකු සම්බන්ධවී ඇති බවද වාර්තා විය.

රුසියාව , අමතර භට පිරිස් කැඳවයි !

යුක්‍රේනයට එරෙහි යුද්ධය සඳහා අතිරේක හමුදා බට කැඳවීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ගෙන ඇති තීරණය හේතුවෙන් එරට තුළ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, ජනතාව දහස් ගණනින් වීථි බැස එම තීරණයට විරෝධය පළ කිරීමත් සමඟයි. එරට ජනතාව ප්‍රධාන නගර රැසක විරෝධතා ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ විරෝධතාවයේ නිරතවූ 1,300 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන…

ඇමෙරිකාවේ උද්ධමනයත් ඉහළට !

වසර 15කට ආසන්න කාලයකට පසු පළමුවරට වැඩිම අගයකින් සිය බැංකු පොළී අනුපාත ඉහළ නැංවීමට, ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව කටයුතු කර තිබෙනවා. ඒ, ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින්. අමෙරිකානු මහ බැංකුව මෙවර බැංකු පොළිය ඉහළ දමා ඇත්තේ සියයට බිංදුවයි දශම 7 කින්. ඉහළ යන උද්ධමනය පාලනය නොකළහොත් අහිතකර ප්‍රතිපළ ඇතිවිය හැකි බවට අමෙරිකානු ආර්ථික…