අයිඑස් ත්‍රස්තවාදීන් යටතේ පැවති අවසන් බලකොටුවත් තමන් අත්පත් කරගත් බවත් ‘භෞතිකමය වශයෙන්’ ඔවුන් සිරියාවෙන් මුළුමනින්ම තුරන් කර ඇති බවත් කුර්දි සටන්කාමීන් සහ අමෙරිකානු හමුදා ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බළකා අණදෙන නිලධාරි ජෙනරාල් මස්ලොඋම් කොබානි නිවේදනය කර ඇත්තේ අයිඑස් අන්තවාදීන්ගේ අවසන් බලකොටුව වූ බගූස් ද තම හමුදා මුළුමනින්ම මුදාගත් බවයි.
බගූස්හි අවසන් මෙහෙයුම සතියක පමණ කාලයක් පුරා ගැටුම්වලින් ඇවිලෙමින් තිබුණි.
2014 සිට සිරියාව අල්ලාගනිමින් අයිඑස් ත්‍රස්තවාදීන් එහි ප්‍රදේශ බොහොමයක් සිය අණසකට යටත්කොටගෙන තිබුණි.