නියඟයෙන් හා ගංවතුරෙන් සිදුවූ පූර්ණ හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 40,000ක මුදලක් ගොවීන්ට ලබාදීමට කෘෂි රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.
මේ අනුව විශේෂයෙන්ම හානියට පත් , උතුරු නැගෙනහිර වගා භූමි තුළ සමීක්ෂණ කටයුතු සිදුකිරීමටද කෘෂි රක්ෂණ මණ්ඩලයකටයුතු යොදා ඇත.
පසුගිය ජනවාරි මස පැවති දැඩි වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි ලබා දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මාර්තු මසට පෙර සියලු ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දිය හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා මාධ්‍ය වෙත ඊයේ (12) සඳහන් කළේය .
පැතුම් වික්‍රමරත්න