කොමිසමට ආ පූජිත් මාධ්‍යවේදීන් දැක දුවලා

Picture of අසංක

අසංක

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන සිදුකරන කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ ලබා දීමට අද (8) පැමිණ තිබේ.

පැය 10 කට ආසන්න කාලයක් ඔවුන් දෙදනාගෙන් විමර්ශන ඒකකය ප්‍රකාශ සටහන් කරගත්තේය.

ප්‍රකාශ ලබාදිමෙන් අනතුරුව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර විමර්ශන ඒකකය පිහිටි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි විමර්ශන ඒකකයෙන් තුන්වන මහලේ පිටතට පැමිණෙනවාත් සමග මාධ්‍යවේදීන් දැක කලබල වී එකවරම තරප්පු පෙල දීගේ ඉතා වේගයෙන් දිව යන්නට විය.

කැමරශිල්පීන් සිදුවුයේ කුමක්ද යන්න නොදැන ඔහ පසුපස දිව යන්නට විය.ඒ අතරතුර හිටපු පොලිස්පතිවරයා ඔහු පැමිණි මෝටර්රථයේ නැගි ගමන් ගත්තේය.