තෙල් මිල සූත්‍රයට අනුව නව තෙල් මිල

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ධන මිල සූත්‍රය හෙවත්අ ඉන්ධන මිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයට අනුව ඊයේ(11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගෙයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ද මිල ඉහළ දමා ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 129ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 152ක් වෙයි.

මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පැතුම් වික්‍රමරත්න