ප්‍රදේශ කිහිපයකට පැය 21ක් වතුර නෑ

Picture of අසංක

අසංක

බොරලැස්ගමුව ,කොට්ටාව,මහරගම සහ හෝමාගම ඇතුළු ප‍්‍රදේශ රැසකට අද (13) පෙරවරු 08.00 සිට හෙට (14) අලුයම 05.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටී.

පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මීපේ සහ පාදුක්ක යන ප‍්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කර සිටී.

කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ සිට මහරගම දක්වා එලා ඇති ප‍්‍රධාන නල මාර්ගයක ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් . එහි අලූත් වැඩියාවන් සඳහා ඉහත ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

පැතුම් වික්‍රමරත්න