මෙරට ඉන්ධන අලෙවියට ඇමෙරිකානු සමාගමක්ද එක්වේ.

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෙට්‍රොලියම් නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ.

ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම හරහා Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු යෙදෙන අතර RM Parks Inc සහ Shell  එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ EV charging පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.