වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරු තිදෙනෙක් තනිවම සියලු තීරණ ගන්නවා – පාදෙණිය චෝදනා කර සිටී .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පමණක් සාකච්ඡා කර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී .

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙනිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයාටද පැමිණිලි කළ බවය .

වසංගත රෝග විද්‍යා අංශයේ .වෛද්‍යවරුන් දස දෙනෙකු සිටියත් , එහි සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍යවරුන් තිදෙනෙකු බවත් පාදෙණිය මහතා චෝදනා කර ඇත . එසේම එම තිදෙනා සෙසු වෛද්‍යවරුන් සමග සුහදව කටයුතු නොකරන බවද පාදෙණිය මහතා පැවසීය .

දින 14 කට රට වසා දැමීම සුදුසු බවට තම සංගමයේ අදහස වුවද වසංගත රෝග විද්‍යා අංශය ඒ පිලිබඳ යෝජනාවක් හෝ ඊට අදාළ දත්ත  ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට ඉදිරිපත්  කර නොමැති බවද පාදෙණිය මහතා මාධ්‍ය වෙත පැවසීය