විදුලි සේවකයන්ගේ වැටුප් ගැටලුවලට ඉක්මන් විසදුම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍විදුලි බල සේවකයන්ගේ වැටුප් විෂමතාවට විසඳුම් ලබාදීමට ලබන අගෝස්තු මස 30 දිනට පෙර විශේශ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව විදුලිබල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර සිටී .

ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමටද රජය පියවර නොගන්න බව අමාත්‍යවරයා අද (11 ) පාර්ලිම්න්තුවේදී පැවසීය .

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා විමසා සිටි අතර පුනර්ජනනීය බලශක්ති ගැන වැරදි මතයන් තිබෙන බවත් ස්ථවර ජනනීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මිශ්‍ර ජනනීයකරණ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යන බවත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේ ය.