ළමා මන්දපෝෂණයෙන් , ශ්‍රී ලංකාව ලොව 6වන තැනට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලොව 06වන ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර සිටී .

දකුණු ආසියාව තුල ළමා මන්දපෝෂණයෙන් බැටකන රටවල් අතර 2වන ස්ථානයට පත්ව ඇත්තේද ශ්‍රී ලංකාව වන බව යුනිසෙෆ් පෙන්වාදේ .

රට තුල පවතින ආර්ථික අර්බුදය හා ඒ හේතුවෙන් ජීවන වියදම ඉහළයාම මත , මෙම තත්වය මතුව ඇති බවද යුනිසෙෆ් සංවිධානය පවසයි .

ආහාර මිල ඉහල යාම හේතුවෙන් , මෙරට බොහෝ පිරිස් , පෝෂ්‍යදායී ආහාර මිලදී ගැනීමෙන් ඉවත්වෙමින් ඇති බවද යුනිසෙෆ් සංවිධානය පෙන්වාදේ.