ePaper – Tuesday, June 8, 2021

“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ගමනට ආයෝජනයෙන් එක්වන්න” ජනනපතිගෙන් ලෝකයට ඇරයුමක්
නැවේ තෙල් කාන්දුවක් ඇති බවට දැන්වූ “ඊ-මේල්” පණිවුඩය මකලා
නිරෝධායන නීතින්ට යටත්ව බැංකු විවෘතව තබන්න – මහබැංකුව දන්වයි
අද සිට යළිත් වැසි වැඩීවෙයි

ක්‍රීඩකයන්ට අංක එක විය යුත්තේ රටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. තරගකාරී ගෙවීම් යටතේ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීම වැදගත් බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් එය රට නියෝජනය කිරීමේ සාධකයක් බවට පත් නොවිය යුතු බවත් ඔහු පවසයි. ක්‍රීඩකයන්ට සෑම විටම…

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද හෙට ඇරේ

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (08) සහ හෙට (09) යන දෙදින තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘතව තැබේ. මෙම විවෘත කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය පැවැසීය.

ජාතික පාසල් දහසක් ඇරේ

දම්පත් රණසිංහ රට පුරා ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ කටයුතු ලබන 10 දින සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි එම පාසල් තෝරා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. සිසුන් 750කට වැඩි පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල බවට පත් කිරීම සඳහා තෝරාගෙන ඇත. අලුතින් නම් කරන ලද ජාතික පාසල් 1000 ට…

මාළු කන්න බයවෙන්න එපා -නාරා සහතික වෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි මේ දිනවල මත්ස්‍ය පරිභෝජනය සඳහා කිසිදු ගැටලුවක් නොමැති බව නාරා ආයතනය විසින් දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ නාරා ආයතනයේ මූලික වාර්තාවන්ට අනුව මත්ස්‍ය පරිභෝජනයේ කිසිදු ගැටලුවක් නොමැති බවය. ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය සහ එහි තිබූ වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතුවීමත් සමග…

දිස්ත්‍රික් 8කට අදත් නායයාමේ අනතුරු ඇගවීම්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කළුතර දිස්ත්‍රික්කයට අයත් බුලත්සිංහල, අගලවත්ත, පාලින්දනුවර, මතුගම, හොරණ, වලල්ලාවිට සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම පවතී. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෑගල්ල, දැරණියගල, වරකාපොල, රුවන්වැල්ල, ගලිගමුව, මාවනැල්ල, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඔ්විට සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද මෙම අවාදනම ඇත. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද  රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැලියගොඩ, කලවාන,…

අද සිට යළිත් වැසි වැඩීවෙයි

පැතුම් වික්‍රමරත්න අද (08) සහ හෙට (9) දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයී. විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී . ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ ගාල්ංල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි ඇතිවන අතර…

නිරෝධායන නීතින්ට යටත්ව බැංකු විවෘතව තබන්න – මහබැංකුව දන්වයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි නිරෝධායන නීතිවලට යටත්ව මෙරට වාණිජ බැංකු සහ බලපත්‍ර ලාභී බැංකු ගනුදෙනුකරුවන් සඳහා විවෘතව තබන ලෙස මහ බැංකුව  බැංකු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. මහබැංකුව මෙම නිවේදනය කර ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින්  ඊයේ (07) දිනයේ සිට සතියක කාලයක් ගනුදෙනුකරුවන්ට බැංකු විවෘත නොවන බවට සිය නිල වෙබ් අඩවි…

නැවේ තෙල් කාන්දුවක් ඇති බවට දැන්වූ “ඊ-මේල්” පණිවුඩය මකලා

පැතුම් වික්‍රමරත්න එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බව  දන්වා එහි  කපිතාන්වරයා එවූ ඊමේල් පණිවුඩ, නෞකාව හා සම්බන්ධ  දේශීය සමාගම විසින් මකා දමා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේ , නෞකාවේ කපිතාන්වරයා විසින් මෙම ඇසිඩ් කාන්දුව පිළිබඳව නැව අයිති විදේශිය සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතවරයා ලෙස කටයුතු…

“ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ගමනට ආයෝජනයෙන් එක්වන්න” ජනනපතිගෙන් ලෝකයට ඇරයුමක්

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ සිදුවන පරිවර්තනීය ගමනට ආයෝජනය කරමින් දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කරයි. රටවල් 65ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ආරම්භ වූ ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම්-2021 සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම ආරාධනාව කළේය. සමුළුව ලබන 09 වැනිදා දක්වා ඔන්ලයින් සමුළුවක් ලෙස පැවැත්වෙනු…

ක්‍රීඩකයන්ට රට අංක එක විය යුතුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර