ආර්ථිකය ප්‍රපාතයකට වැටුනේ කොහොමද ?

(මිලින්ද මොරගොඩ විසිනි) වසර විසි දෙකකට පෙර මන්ත්‍රීවරයකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුර විශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත්විඳින ලද සිද්ධි එම දේශනයේදී දක්වන්නට උත්සාහ කළෙමි. වසර තිහකට කලින් සිට තිබුණ මුඩුක්කු හා පැල්පත් නිවාස එලෙසම තිබෙන අයුරුත්, නිරර්ථක…

මත්පැන් , සිගරට් මිල ඉහළට !

සියලුම දේශීය සිගරැට් වර්ගවල මිල අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමන බව ලංකා දුම්කොළ සමාගමේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. වැට් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගැනීම නිසා නිෂ්පාදන මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දමන බව කී එම නිලධාරියා පැවසුවේ සිගරැට් වර්ගය අනුව මිල වැඩිවීම තීරණය වන බවත්ය. සිගරැට් වර්ගය අනුව…

භාණ්ඩ 369ක ආනයන සීමා ඉවතට .

ආනයන පාලක බලපත්‍රයක් රහිතව එච්.එස්. කේත 369 කට අදාල භාණ්ඩ ආනයනයට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම භාණ්ඩ ආනයනය මෙම වසරේ (2022) මාර්තු 9 වැනිදා මුදල් අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පාලනය කර තිබූ අතර නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමඟ එම භාණ්ඩ වර්තමාන නීති රීති සහ බදුවලට අනුකූලව ආනයනය කළ…

වැට් හා විදුලි සංදේශ බදු වැඩිකිරීමෙන් , බර පැටවෙන්නේ අඩු ආදායම් ලාභීන්ටයි !

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සන්දේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දේ . එම පිරිසේ ආදායමේ ප්‍රතිශතය අනුව බදු බරෙහි වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට සිදුවනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ…

උද්ධමනය තවත් ඉහලට !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයෙහි උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.