වනිඳු ෂුවර් නෑ

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග කලවයේ මස්පිඬුවල ආබාධයකට ගොදුරුවී තිබේ. මෙම තත්ත්වය මත ඔහුව එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට කණ්ඩායම් වෛද්‍ය අංශය පියවර ගෙන තිබේ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි…

පාසල් සිසු ප්‍රවාහනයට යෙදවූ බස්රථවල තොරතුරු මෙන්න..

පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා අද සිට බස් රථ 20ක් අතිරේකව යෙදවීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව බස්නාහිර පළාත තුළ පාසල් සිසුන් ප්‍රවාහන බස් රථවල ගමන් මාර්ගය, ආවරණය කරනු ලබන පාසල්, ‍වේලාවන් සහ බස්රථවල අංකවල තොරතුරු බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කර තිබේ. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් දරුවන්ට සිදුවන දුෂ්කරතා මඟහැරලීම පිණිස…

මැතිසබේ දිවුරුමටත් කලින් ධම්මිකගේ මන්ත්‍රීකමට නඩුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව…

හෙට දවසේ ඉන්ධන තියෙන පිරවුම්හල් මෙන්න !

හෙට (16) දිනයේදී ඉන්ධන බෙදා හැරීම සිදුකරනු ලබන ප්‍රදේශ සහ එම ඉන්ධන ලබා දෙන පිරවුම්හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් පහතින් : ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් බෙදා හරිනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින් : ඩීසල් බෙදා හරිනු ලබන…

ඇමෙරිකානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 120ක මූල්‍ය සහයක් !

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇමෙරිකානු සංවර්ධන මූල්‍ය ආයතනය ඇමෙරිකානු සංවර්ධන බැංකුව ලෙස ද හඳුන්වනු ලබයි. මෙම අනුමත කරන ලද මූල්‍ය සහායෙන් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක…

ආර්ථික අර්බුදය නිරාකරණයට සවුදියෙන් සහය පතයි .

ශ්‍රී ලංකාවේ වැඩ බලන සෞදි අරාබි තානාපති ගරු අබ්දුල්ලා ඔර්කෝබී මැතිතුමා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා අතර අතර හමුවක් අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම හමුව අතරතුර තානාපති තුමා සහ අමාත්‍යවරයා අතර රටට වැදගත් කරුණු රාශියක් සාකච්ඡා විය. රටවල් දෙකට බලපාන කාලගුණ විපර්යාසයන් වගේම පරිසර පද්ධතිය තුළ ඇති ජෛව විවිධත්වයන් පිළිබඳ සාකච්ඡා විය.…

ශ්‍රී ලංකාවට තවත් ආධාර දෙන්න චීනය සූදානම් !

. ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා සූදානම් බවට චීනය දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළමුව AIIB  සංවිධානය හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙන බවට එකඟතාව පල කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසූවේ. ඩොලර් මිලියන 500ක ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ඉන්ධන ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට කඩිනමින් අත්සන් කරන බවද අග්‍රාමාත්‍ය…